ජාතික හැදුනුම්පතේ පිටපතක් ලබා ගැනීම
නැතිවීම හේතු කොටගෙන හැඳුනුම්පතක අනුපිටපතක් ඉල්ලීම
- අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරී
- වතු පදිංචි කරුවන් අදාළ වතු අධිකාරී
- සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි. 7 ආකෘති පත්‍රය (කොළ පාට හෝ කොළ පාටින් අකුරු මුද්‍රිත)
- හැඳුනුම්පත නැතිවූ බවට පොලීසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත (මාස 06 ක් නොඉක්මවු )
- 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 05 ක්
- රු. 15 ක් වටිනා මුද්දර
- උප්පැන්න සහතිකය, අනුමාන වයස් සහතිකය හෝ ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන් වල මුල් පිටපත්.
- පාසල් හැරයාමේ සහතිකය.
- බෞතිස්ම සහතිකය.
- අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
- උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටස
- ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
- වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
- ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
- වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
- ජන්ම පත්‍රය (හඳහන)
- තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම්ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතික ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපත ඉදිරිපත් කළ යුතුය.
- නැතිවූ හැඳුනුම්පතෙහි අංකය භාවිතා කළ බවට සනාථ කෙරෙන ලියකියවිලි උදා. බැංකු පාස් පොත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, පැරණි හැඳුනුම්පතේ ඡායා පිටපත වැනි ලේඛනවල සහතික කළ පිටපත්
- පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
- ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
- හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
- කතෝලික පූජකවරුන් අදාල පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය
උපැවිදි බව ලබා ඇත්නම්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය
ආයතනයේ තොරතුරුපුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවසී.45, ඩබ්.ඒ.රන්ජන් නිශාන්ත දුරකථන:+94-11-2555616, ෆැක්ස් අංක:+94-11-2593634 විද්‍යුත් තැපෑල:This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙබ් අඩවිය: www.drp.gov.lk |